තොටළඟ පොඩ්ඩිගේ රහස් රැසක් එළිවෙයි - වාහන 21ක් ඇතුලු දේපළ තොගයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නමින්වලින්

Report

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය අද (21) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා සිටියේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් " තොටළඟ පොඩ්ඩි" වාහන 21ක්, බැංකු හතරක් ඇතුලු විශාල දේපළ ප්‍රමාණයක් ඥාතීන්ගේ සහ අසල්වාසීන්ගේ නම් හරහා ලබාගෙන ඇති බවයි.

එසේම මෙම සැකකාරියගේ නමින් ඇති දේපළ මේ වන විට මහාධිකරණය මඟින් තහනම් කර තිබුණ ද රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව කරන ලද විමර්ශනවලදී සැකකාරිය විසින් වෙනත් අයගේ නම්වලින් මෙසේ දේපළ මිලදී ගෙන ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

එමෙන්ම මෙම සැකකාරිය විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විමර්ශන නිලධාරින් අධිකරණයට දන්වා ඇත.

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

ලංකා බැංකුවෙන් සුබ ආරංචියක් - ගනුදෙනුකරුවන්ට නව ඩිජිටල් සේවාවක්

ඒ අනුව මුදල්විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ සංවිධානාත්මක අපරාධ මඟින් උපයාගන්නා වත්කම් විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් වීන්දනී ප්‍රියදර්ශිකා සූරිය ආරච්චි නොහොත් " තොටළඟ පොඩ්ඩි" ලබන 21 තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (21) දින නියෝග කර ඇත.

සිද්ධියට අඳාළ නඩුව කැඳවු අවස්ථාවේදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අධිකරණය ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසුව මෙසේ නියෝග කර ඇත.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කර විශාල දේපළ ප්‍රමාණයක් අයථා වශයෙන් උපයාගෙන ඇති බවත් ඒකී දේපළ ක්‍රියා විරහිත කිරීමේ විමර්ශනයකට අඳාළව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි.

මේ සිසුන්ට සුබ ආරංචියක් - රජයෙන් ලක්ෂ 15ක පොලී රහිත ණයක්

මේ සිසුන්ට සුබ ආරංචියක් - රජයෙන් ලක්ෂ 15ක පොලී රහිත ණයක්

නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකාරියට මුදල් විශුද්ධිකරණ පනත යටතේ කරන ලද විමර්ශනයකට අඳාළව ඉකුත් (13) දින අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය තුන්වෙනි පාර්ශවයක් හරහා ලබාගෙන ඇති දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට නියෝග කළා.

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

කැරට් 24 රන් පවුමක් ලක්ෂ 4ක්.. ලංකාවම හොය හොය හිටපු අද රන් මිල ගණන් මෙන්න

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි

සුභ ආරංචියක් - මෝටර් රථ ආනයනයට අදාළ බදු වලින් ලංකාවම ගොඩ යයි