මැතිවරණයට එරෙහිව තොණ්ඩමන් අධිකරණයට!

Report

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණය සඳහා ලංකා කම්කරු කොංග්‍රසය විසින් ඉදිරිපත් කළ නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණයට යන බව එම පක්ෂයේ මහ ලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ලංකා කම්කරු කොංග්‍රසය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කළ නාම යෝජනාවලින් කොත්මලේ සහ මස්කෙළිය ප්‍රාදේශීය සභාවලට ඉදිරිපත් කළ ඒවා ප්‍රතික්ෂේප වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජීවන් තොණ්ඩමන් මහතා මෙසේ පැවසීය;

දේශබන්දුට බෝගම්බරත් නිවනක් නෑ.. CID දීර්ඝ ප‍්‍රශ්ණ කිරීම්..

දේශබන්දුට බෝගම්බරත් නිවනක් නෑ.. CID දීර්ඝ ප‍්‍රශ්ණ කිරීම්..

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

ඇමති සැඟවෙයි... හමුදාවත් ආපසු කැඳවයි...බෞද්ධයින්ට නින්දාවක්

“ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා තරග කිරීමට නාම යෝජනා බාර දුන්නා. එහිදී මස්කෙළිය සහ කොත්මලේ ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා. මේ තොරතුරු දැනගත් සමහර කණ්ඩායම් ඒ ගැන සතුටට පත්ව තිබෙනවා.

“නමුත් මෙම නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අපි අධිකරණය හමුවට යනවා. එවිට මේ සතුටට පත්වූ අයගේ ඒ සතුටත් අවසන් වේවි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී අපගේ බලය උපරිම ලෙස පෙන්වීමට අපි පියවර ගන්නවා.”