ප්‍රධානතම ගැටලු තුනකට විසඳුම් දුන් නිසා තොන්ඩමන්ගේ සහය ජනපතිට..

Report

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේ, 2025 වසරේ සිට හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය තුල වතුකරයේ අධ්‍යාපනය ලබා සිටින තරුණ තරුණියන්ට දේශපාලන විද්‍යාව විෂයක් ලෙස හැදැරිමට අවස්තාව ලබාදෙන බවයි.

අද (30) දින හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ රුපලාවන්‍ය , මොටර් කාර්මික , විදුලි කාර්මික , හෝටල් පාඨමාලා , පරිගණක පාඨමාලා , ඇගළුම් ඇතුළු පාඨමාලාවන් 15 ක් සම්බන්ධයෙන් වෘත්තිය පුහුණුව ලැබු සිසු සිසුවියන් 245 දෙනෙකුට එම පාඨමාලාවට අදාල සහතික පත් බෙදා දිමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියා.

මෙම උත්සවයේදි අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වතුකරයේ දැනට පවතින ප්‍රධානතම ගැටළු තුනක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කල යෝජනාවක් අනුව එම යෝජනාවන් වලට විසදුම් ලබාදිමට ජනාධිපතිවරයා එකග වු නිසා තම පක්ෂයේ සහයෝගය ජනාධිපතිවරයාට ලබාදිමට තිරණය කල බවයි. 

මෙම උත්සවයට හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.