තුන්වන චාල්ස් රජු ඔටුණු පළදී..(PHOTOS)

By Sewvandhi May 06, 2023 12:09 PM GMT
Report

අද (06) දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග තෙවන චාල්ස් නමින් රාජ්‍යත්වයට පත් චාල්ස් රජුගේ රාජාභිෂේකය පැවැත් වුණි.

එනම්, බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු  බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී නිල වශයෙන් අද ඔටුනු පැළඳීය. ඒ වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු පළමු රාජාභිෂේකය ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

මෙහිදී, කැමිලා බිසව එක්සත් රාජධානියේ රැජින ලෙස කිරුළු පැළඳුවාය. 1953 වසරේ පැවැති දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකයට සාපේක්ෂව වඩාත් සරල සහ කෙටි උත්සවයක් ලෙස මෙම රාජාභිෂේකය සැලසුම් කර තිබුනා.

වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට පුරෝකතනය කර තිබුණ ද දෙස් විදෙස් වැසියන් පෙර දින සිටම ද මෝල් මාර්ගය දෙපස රැස්වී සිටි අන්දම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

III චාල්ස් රජුගේ රාජාභිෂේක සැමරුම් විධිමත්ව ආරම්භ කෙරුණේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ගමන් කරනා පෙරහැරකිනි.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්...

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery