කණෙන් මතු වන ඇතැම් ලකෂණ මඟින් හෙළි කරන ඔබ නොදත් අනාවැකි.

By Wayomi Mar 30, 2023 12:18 PM GMT
Report

අපේ සිරුරේ ඕනෑම කොටසකින් මතු කරන විවිධ ලක්ෂණ වලින් ලෙඩ රෝග, ඌණතා ගැන විවිධ අනාවැකි පල කරන්න පුළුවන්.සමහර වෙලාවට බැලූ බැල්මට කණෙන් ඇති විය හැකි ලෙඩ රෝග ගැන නම් හිතාගන්න බෑනේ. කන් රෝග තිබුණත් ඒවා ගැන අපි වැඩි උනන්දුවකුත් නෑ. දන්නෙත් නැහැ.හැබැයි ඔබ නොදන්නා ගොඩක් දේවල් කණෙන් මතු කරන බව මතක තබා ගන්න. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා.

කණ් වලින් හෙළි වන දේවල්

? කණ කියන්නේ ඇඟිලි සලකුණු හා සමානව හඳුනා ගැනීමේ ලක්ෂණයක් ලෙස හඳුන්වනවා.

? අපි ඉපදෙනකොටම කන් සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලයි තියෙන්නේ. පසුකාලීනව කනේ ඉහළ කොටස තරමක් පහලට නැමුණත්, වර්ධනය වීමේදී කන් වෙනස් වෙන්නේ නැහැ.

? ඔබේ කන් වලින්, ඒවා නිර්මාණයට දායක වුණේ ප්‍රමුඛ ජානයක්ද නිලීන ජානයක්ද කියලා හඳුනාගන්න පුළුවන්.


01. සාමාන්‍යයෙන් බැඳුණු කන්පෙති (කන් පෙත්තේ පහළ කොටස සෘජුවම හිසට සම්බන්ධ වන) නිලීන ලක්ෂණයයි. නිදහස් කන්පෙති (කන් පෙත්තේ පහළ කොටස හිසට සම්බන්ධ නොවී පවතින) ප්‍රමුඛ ලක්ෂණයයි.

02. ඔබේ කණ් පෙත්තේ විකර්ණ නැම්මක් (Diagonal earlobe crease) පවතිනවා නම් ඔබ කිරීටක ධමනි රෝගවලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. 03. ඔබේ කණ් අතිශයින් සුදුමැලි පාටයි නම් ඒ ඔබගේ සිරුරේ විටමින් සහ කැල්සියම් ඌනතාවක් තිබෙන නිසයි.

04. ඔබේ කන් තද රතු පැහැයකින් දිස් වෙනවා නම් එයින් අදහස් වන්නේ මතකය නැති වීම, නිතර හිසේ කැක්කුම් ඇතිවීම සහ මොළයේ අක්‍රමිකතා පිළිබඳවයි.

05. කනේ ඇති කාටිලේජයෙහි ප්‍රධාහ තත්ත්වයන්, රිලැප්සිංග් පොලිකොන්ඩ්‍රයිටිස් (Relapsing polychondritis) නම් රෝගයෙහි නිශ්චිත රෝග ලක්ෂණයක්.     

අදාල ඡායාරූප පිළිවෙලින් පහතින්,

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


GalleryGalleryGalleryGalleryGallery