වංචා-දූෂණට ඉඩ නැහැ - නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් දැඩි ප්‍රකාශයක්

Report

වංචා හා දූෂණවලින් තොර රටක් ගොඩනැගීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, රාජ්‍ය හා පුද්ගලික අංශ දෙකම ආවරණය වන පරිදි වංචා සහ දූෂණ සම්බන්ධයෙන් ලැබෙන සියලු පැමිණිලි විමර්ශනය කිරීම සඳහා විශේෂ අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සමඟ සම්බන්ධව පූර්ණ හා ස්වාධීන පරීක්ෂණ ක්‍රියාත්මක කරමින්, වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන එන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම, දූෂණය අවම කිරීම සඳහා නව නීති, පද්ධතිමය සංශෝධන සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය වැනි ක්‍රියාමාර්ග හඳුන්වාදීමටත් රජය අවධානය යොමු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

යාපනයෙන් උණුසුම් සිදුවීමක් - ගිනි අවියක් අතැතිව අර්ච්චුනාගෙන් කාන්තාවකට තර්ජනයක්

යාපනයෙන් උණුසුම් සිදුවීමක් - ගිනි අවියක් අතැතිව අර්ච්චුනාගෙන් කාන්තාවකට තර්ජනයක්

රාජ්‍ය සේවාවන්හි පැහැදිලිභාවය සහ වගකීම  වැඩිදියුණු කිරීමත් මෙහි අරමුණක් බවද ඔහු සඳහන් කළේය. ඕනෑම තැනක සිදුවන වංචාවක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ සිදුකර, එයට සම්බන්ධ පුද්ගලයන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිවිටෙකත් පසුබට නොවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. 

මත්තල ගුවන් තොටුපළට ගෝලීය ආයෝජකයින්ට ආරාධනා

මත්තල ගුවන් තොටුපළට ගෝලීය ආයෝජකයින්ට ආරාධනා