මෙහෙමත් යෝධ ළූණු ගෙඩියක්.. වාර්තා අතරට එක් වුණ ලොව විශාලම ළූණු ගෙඩිය.. ඒ විතරක් නෙමේ තවත් යෝධ එළවළු රැසක්.. (PHOTOS)

By krishani Sep 21, 2023 05:50 PM GMT
Report

එංගලන්තයේ හැරෝගේට් හි සරත් සෘතුවේ මල් ප්‍රදර්ශනයට සමගාමීව එළවළු තරඟයක් ද පවත්වා තිබෙනවා.

එහිදී වගාකරුවෙකු විසින් ළූණු ගෙඩියක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙලෙස විශාල ළූණු ගෙඩියක් ප්‍රදර්ශනය කර ඇත්තේ එංගලන්තයේ උතුරු යෝක්ෂයර් ප්‍රදේශයේ තම ගෙවත්තක වගා කළ උයන්පල්ලෙකු විසින් ය. 

මෙහි බර කිලෝග්‍රෑම් 8.97 ක් බව වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මෙය ලෝකයේ විශාලතම ළූණු ගෙඩිය ලෙස ද ලෝක වාර්තාවක් ද තබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම ප්‍රදර්ශනයේ දී විනිශ්චය කරන ලද දැවැන්ත ගෝවා,ඉතා විශාල බීට්රූට්, පිපිඤ්ඤා ද ඒ අතර විය.

එහිදී සෙසු වගාකරුවෙකු වන ක්‍රිස් පැරිෂ් ඔහුගේ යෝධ වට්ටක්කා සඳහා ත්‍යාගයක් ද ලබා ගෙන ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 102 කි.

කෙසේ වෙතත්, මීට පෙර මෙම ළූණු වාර්තාවට හිමිකම් කීවේ 2014 වසරේ වගා කළ කිලෝග්‍රෑම් 8.4ක් වන ළූණු විශේෂයක් ය.

GalleryGalleryGalleryGalleryGalleryGallery