දශක ගණනාවකට පසු ලොව විශාලම අයිස් කුට්ටිය චලනය වෙයි. - (VIDEO)

Iceland World
By Wayomi Nov 26, 2023 05:23 AM GMT
Wayomi

Wayomi

Report

ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලේ තිබු ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අයිස් කුට්ටිය දශක ගණනාවකට පසු මෙලෙස චලනය වීම ආරම්භ වී ඇති අතර බ්‍රිතාන්‍යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා මෙය විශාල බවයි සඳහන් වන්නේ.

1986 දී Filchner-Ronne අයිස් තට්ටුවෙන් කැඩී ගොස් මෙම විශාල අයිස් කුට්ටිය ඇන්ටාක්ටික් හි වෙඩෙල් මුහුදු පත්ලේ තැන්පත් වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ඇන්ටාක්ටික් හි විද්‍යාඥයන් වන Ella Gilbert සහ Oliver Marsh අවධාරණය කරන්නේ,දශක තුනකට පමණ පසු අයිස් තට්ටුවේ ස්වභාවික වර්ධන චක්‍රයේ කොටසක් ලෙස මුහුදු පත්ලේ ග්‍රහණය නැතිවන තරමට අයිස් කුට්ටිය දියවී ගොස් ඇති අතර දැන් එය චලනය වීමට පටන් ගෙන ඇති බවයි.  


ReeCha