රටට කීර්තියක් ගෙන ආ නිවුන් කණ්ඩායම

Report

 චීනයේ පැවති 20 වැනි ලොව විශාලතම නිවුන් උළෙල සහ තරගාවලියට ( World Largest Twins Festival - 2026 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නිවුන් කණ්ඩායම ඉදිරිපත් කළ නර්තනාංගය , එම උළෙලේ හොදම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගෙන දිවයිනට පැමිණ තිබේ.

මෙම නිවුන් උළෙල , ලෝකයේ රටවල් 47 ක තරුණ නිවුන් කණ්ඩායම් වල සහභාගීත්වයෙන් ලෝක කම්කරු දින උත්සවයට සමගාමීව චීනයේ මෝජෑන් ( Mojiang ) නුවර පවත්වා ඇත.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කළ පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් " අංගම්පාලිය " ඇසුරෙන් ඉදිරිපත් කළ නර්තනාංගයට අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වූ අතර එය මෙම උළෙලේ ඉදිරිපත් කළ හොදම නර්තනාංගයට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් වී තිබේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ ජලාශ වල වාන් දොරටු විවෘත කරයි - ජනතාව අවධානයෙන් සිටින්න

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ ජලාශ වල වාන් දොරටු විවෘත කරයි - ජනතාව අවධානයෙන් සිටින්න

ඒ වගේම චීනයේ පැවති මෙම උළෙලට සමගාමීව මෙරට තුළත් එළඹෙන සැප්තැම්බර් මස කොළඹ මුල් කර ගනිමින් ලෝක නිවුන් උළෙලක් සහ තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිවුන් සම්මේලනය අවශ්‍ය පියවර ගනිමින් සිටියි