පැය 100ක් කෑම උයා දස්කම් පෑ කාන්තාව.

By Madheeha_Naz May 18, 2023 05:40 AM GMT
Report

නයිජීරියානු කාන්තාවක් වන සූපවේදිනියක් මෙන්ම ව්‍යාපාරික කාන්තාවක් වන 27 හැවිරිදි හිල්ඩා පාසි නොකඩවා පැය 100ක් ආහාර උයා වාර්තාවක් සනිටුහන් කර තිබෙනවා.

ලාකෝස් නගරයේ පසුගිය 11 වැනිදා පැවැත්වුණු තරඟයකට සහභාගී වූ ඇය සවස 4 ට ආහාර පිසීම ආරම්භ කර තිබෙනවා,එසේම ඇය විසින් නයිජීරියානු ආහාරයන් වන ජෝලෝප් රයිස්,අගාරා වැනි අහාර වගේම විදේශීය ආහාර ද පිස තිබෙනවා.

 නොකඩවා පැය 100ක් ආහාර පිසූ ඇය, ආහාර වර්ග 110 කට අධික ප්‍රමාණයක් පිස තිබෙනවා.

මෙයට කලින් එනම් 2019 වසරේ ඉන්දියානු කාන්තාවක් වන සූපවේදිනි ලතා ඩාන්ටන් විසින් නොකඩවා පැය 87ක් සහ විනාඩි 45ක් ආහාර පිස වාර්තාවක් සනිටුහන් කර ඇති අතර එම වාර්තාව හිල්ඩා පාසි විසින් බිඳ දැමීම විශේෂත්වයකි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW