නීත්‍යානුකූල සැමියා නිඳි කරවා අනියම් සැමියා නිවසට ගෙන්වාගත් තරුණිය මාට්ටු වෙයි...

Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna May 08, 2024 02:44 AM GMT
Aruna

Aruna

Report

විවාහක සැමියාට නිඳි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (06) පැමිණවීමෙන් අනතුරුව මෙම මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට තොරතුරු වාර්තාවේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ ඇත්තේ (26) හැවිරිදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.

සැකකාර කාන්තාවගේ (32) හැවිරිදි සැමියා රෝගී තත්වයෙන් අප්‍රේල් 13 වන දින මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රථිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත 14 වන දා මාරු කර යවා තිබෙන බවයි පැවසෙන්නේ.

පොලිසිය සඳහන් කළේ, සැමියාගේ කිරි තේ එකට නිඳි පෙති කළවම්කර දී මෙම කාන්තාව අනියම් සැමියාව දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වා ගත් බවට සැමියාගේ හා සැකකාර කාන්තාවගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇති බවයි.

.............................................................................

May you Like