තුර්කි භූමිකම්පාව - තුර්කියට පැමිණි වොලිබෝල් කණ්ඩායමක් පුහුණුකරුවන් සමඟම අතුරුදන්. (PHOTO)

By Wayomi Feb 09, 2023 07:44 AM GMT
Report

දකුණු දිග තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් 30 දෙනෙකුගෙන් සමන්විත පාසැල් වොලිබෝල් කණ්ඩායම පුහුණුකරුවන් සමඟම අතුරුදන්ව ඇති බවයි වාර්තා වනවා.

මෙම වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සයිප්‍රසයේ සිට තුර්කී පාලනය යටතේ ඇති අඩියාමන් ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට තිබෙනවා.

කෙසේ වෙතත් භූමිකම්පාවෙන් පසු අඩියාමන් ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණ ඇතුළු ගොඩනැගිලි රැසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව සඳහන්.

තුර්කිය විසින් සිය පාලනයට නතුකර ගෙන ඇති සයිප්‍රසයේ Famagusta ප්‍රදේශයේ බාලක බාලිකා පාසැල් දෙකක දරු දැරියන් මෙම ඛෙදවාචකයට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන්ව ඇති මෙම දරු දැරියන් සොයා ඔවුන්ගේ දෙමව්පියන් ඇතුළු සහන සේවකයින් කණ්ඩායමක් දකුණු දිග තුර්කිය බලා පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


Gallery