2022(2023) සඳහා සරසවි අයදුම්පත් කැඳවයි. - අයදුම්පත් ලබාගන්නේ මෙහෙමයි.
2022(2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද සිසුන් වෙනුවෙන් අයදුම්පත් කැඳවා ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
ඒ, අනුව 2023 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022(2023)උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵලට අනුව අද (22) සිට 29 දක්වා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් ලබාදිය හැකියි.
මෙහිදී එම අයදුම්කරුවන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිස නිසි ලෙස අයදුම්පත් පුරවා ඉදිරිපත් කල යුතුය.
නමුත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් කියා සිටියේ, මෙම අවස්තාව විශ්ව විද්‍යාල,මණ්ඩප,හා උසස් අධ්‍යාපන ආයතන මගින් පවත්වා අවසන් කර ඇති යෝග්‍යතා පරීක්ෂණ පවතින අධ්‍යන පාටමාලා සඳහා අයදුම් කිරීමට අදාල නොවන බවයි.