සිහින බොද කරමින් සාමාන්‍ය පෙළ සිසුවාට අත් වූ අවාසනාවන්ත මරණය. - (VIDEO)

Sri Lanka Police Mysterious Death
By Gagana May 06, 2024 12:56 PM GMT
Gagana

Gagana

Report

අද දින ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතව සිටි පාසල් සිදුවෙකු හදිසියේ මිය ගොස් ඇති බවට වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි හරිනාත් රංජිත් කුමාර නමැති වයස අවුරුදු 17 ක් වන පාසල් සිසුවෙකි.

අද දින පැවති විභාගයට ආශිර්වා ගැනීම සඳහා පියා සමඟ දේවාලයට ගොස් ඇති අතර එහිදී තමාගේ පපුව රිදෙනවායි පවසමින් දරුවා ක්ලාන්ත වූ බව පියා පවසයි.

පසුව දරුවා මරතැන්න මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර රෝහලට ඇතුලත් කරන විටත් සිසුවා මියගොස් ඇති බව සඳහන්.

මේ සිද්ධි සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර බලංගොඩ පින්නවල පොලිසිය සිද්ධිය සම්බන්ධ වැඩි විමර්ශන කටයුතු සිදු කරයි.