වෙනසකටත් එක්ක බිරින්දෑවරු දෙදෙනා මාරු කරගෙන..මෙරටින් ඇහෙන තවත් හතර බිරි කතාවක්..
සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියකට පැමිණිලි කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.
සිද්ධිය වාර්තාවන අන්දමට මෙසේය, හොඳම යහළුවන් දෙදෙනෙකු තමන්ගේ බිරින්දැවරුන් දෙදෙනා වෙනසකට වාගේ මාරුකරගෙන ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත.
එහෙත් මෙම ඇසුර දිගින් දිගටම පවත්වාගෙන යෑම සිදු වූ හෙයින් පවුල් දෙක අතර පවුල් ආරවුල් තත්ත්වයක් ඇති විය. මුලින් දෙපාර්ශවයේම දැනුම මත සිදු වූ දෙය පසුව එකිනෙකාට හොර රහසේ ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එක් කාන්තාවක මෙය මහත් ගැටලුවක් සේ සිතා සිය සැමියාගෙන් ඈත් වීමට පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.
පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාශයේ නිලධාරීන් ගැඹුරට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමේ දී දෙපාර්ශවයම කැමැත්තෙන් මුලින් ආරම්භ කර ඇති ඇසුර පසුව ගැටලුවක් බවට පත්වී ඇති බව හෙළි වී ඇත.
දෙපාර්ශවයට සිදු වී ඇති සිද්ධියේ බරපතළකම පොලිස් නිලධාරීන් විසින් වටහා දීමේ දී සියල්ල සිදු වී හමරා වී ඇත. එක් පාර්ශවයකට දික්කසාද වීම දක්වා සිද්ධිය දුරදිග ගොස් හමාරය.
මෙවැනි සිද්ධීන් යහපත් සමාජයක සිදු නොවිය යුතු සිද්ධීන් වන හෙයින් හැඟීම් වලට වහල් වී ඇති කරගන්නා දේ පවුල් ආරවුල් බවට පත් වී සතුටින් සිටි පවුල් කැඩී යෑමට හේතු වන හෙයින් පොලිසියේ දී සමතයකට පත් නොවන්නේ නම් අධිකරණ ක්රියාමාර්ගය දක්වා ගෙන යෑමට සිදුවන බව දෙපාර්ශවයට පවසා ඇත.(උපුටාගැනීමක්)