බත් පැකට් එකක් කළ හදියක්

By Zara Mar 24, 2025 01:30 PM GMT
Report

තම ආහාර පාර්සලය නියමිත වේලාවට රියැදුරු කුටියේ නොතැබූ බව පවසමින් දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කළ රියැදුරෙකු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙසේ ධාවනය ප්‍රතික්ෂේප කර ඇත්තේ, කුරුණෑගල සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රියක් බවයි පොලිසිය සඳහන් කළේ.

තමන්ගේ ආහාර පාර්සලය නියමිත වේලාවට නොලැබීමෙන් කුපිත වූ එම රියැදුරු දුම්රිය ධාවනය නොකර විවේකාගාරයේ රැඳී සිටීම හේතුවෙන් මගීන් පැය ගණනක් දැඩි අපහසුතාවයට ලක් විය.