වැට් බදු සංශෝධන පනත යළිත් පාර්ලිමේන්තුවට

Report

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවයි.

අස්වැසුම දෙවනි අදියරය ඇරඹේ - ඔබටත් අයදුම්පත් යොමුකළ හැකි කාලය මෙන්න..

අස්වැසුම දෙවනි අදියරය ඇරඹේ - ඔබටත් අයදුම්පත් යොමුකළ හැකි කාලය මෙන්න..

සභාව කල් තැබීමෙන් අනතුරුව එම කරුණු පිළිබඳව සභා නායක සුසිල් ප්‍රේම ජයන්ත මහතා සහ කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා හමුවී සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කර සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම විපක්ෂය හිතාමතා කඩාකප්පල් කළ බවයි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා අද පාර්ලිමේන්තුව රැස් වුව ද ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු හෙට දිනය දක්වා කල් තැබීමට සිදු විය.