සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ බඩු විකුණලා.
By Wayomi
සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන තිබෙනවා.
සෙවණගල පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබුනේ, සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙක වෘත්තීය සමිති නායකයකු බව කියන පුද්ගලයකු රැගෙන ගොස් ඇඹිලිපිටියේ පිහිටි පරණ යකඩ බඩු මිලට ගන්නා සමාගමකට විකුණා රුපියල් පන් ලක්ෂ තිස්පන් දහසක් ලබාගෙන ඇත.
මැෂින් දෙක ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රියදුරු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
මේ පිළිබඳව සෙවණගල සීනි සමාගමේ නිලධාරින් පැවැසුවේ ඔහු පිළිබඳව සමාගම වෙනම පරීක්ෂණයක් පවත්වන බවත්, වැඩ තහනම් කර ඇති බවත්ය.