කැරට් මිලෙහි හදිසියේම සිදු වූ වෙනස.

Carrot Vegetables Vegetables Price Vegetable Price Today
By Wayomi Feb 15, 2024 04:00 AM GMT
Wayomi

Wayomi

Report

පසුගිය දිනවල රුපියල් 2500ක් දක්වා ඉහළ ගොස් තිබූ කැරට් කිලෝවක ඊයේ (14) වන විට පහල ගොස් තිබෙනවා.

ඒ, අනුව ඊයේ වන විට කැරට් කිලෝවක සිල්ලර මිල රුපියල් 600ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම බොහෝ එළවළුවල මිල ගණන් සහ සහල්වල මිල ගණන් ද පසුගිය දිනවලට සාපේක්ෂව අඩු වී තිබෙනවා. 

එමෙන්ම එළවළු මිල ගණන් යටතේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 800 දක්වාත්, ලීස් කිලෝවක සිල්ලර මිල රුපියල් 350 දක්වාත් ගෝවා හා බීට් රූටි කිලෝවක සිල්ලර මිල රුපියල් 400 දක්වාත් පහළ වැටී ඇත.

කරවිල, පතෝල, වැටකොළු කිලෝවක මිල රුපියල් 400ක් 350ත් අතර මිලකට පහළ ගොස් ඇති අතර දඹල, මෑ කරල්, වට්ටක්කා කිලෝවක් රුපියල් 300ත් 350ත් අතර මිලකට අළෙවි වෙනවා.

ReeCha