මහ රෑ ඇල්ලූ නීති විරෝධී ලන්ච් ෂීට් තොගය.. භාවිතා කරන අය හරි පරිස්සමින්..
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒකාබදව ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිදු කෙරුණු වැටලීමකදී කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ නීති විරෝධී "ලන්ච් ෂීට්" තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
මෙහිදී කිලෝග්‍රෑම් 1825ක පමණ නීති විරෝධී පොලිතීන් ඇතුළු "ලන්ච් ෂීට්" තොගයක් සොයා ගැනීමට හැකි වූ අතර ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ අදාළ කර්මාන්ත ශාලාවේ හිමිකරුට සහ ලෝරි රථයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
මේ පිළිබඳ අදාළ නිවේදනය පහතින් දැක්වේ,

