වසර 13ක් කාටත් හොර රහසේ මියගිය මවගේ සිරුර ළඟ තබා ගත් පුතා - වාර්තාවන අමුතු පුවතක්..

By Sewvandhi Mar 29, 2023 02:14 PM GMT
Report

පෝලන්තයේ දී මියගිය සිය මවගේ මළ සිරුර මමියක් ලෙස වසර 13 ක කාලයක් නිවසේ තබාගෙන සිටි පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ ඥාතියෙකු විසින් එම නිවසට පැමිණි අවස්ථාවක දී එම මළ සිරුර දැක මේ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇති බවයි.

අනතුරුව පෝලන්ත ආරක්ෂක අංශ විසින් එම මළ සිරුර සොයාගෙන ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව 2010 වසරේ දී මියගිය ඔහුගේ මව භූමදානය කළ ස්ථානයේ සිදු කළ සෝදිසීයක දී මළ සිරුර එම ස්ථානයේ නොමැති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now