පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අපවත් වෙයි !
විචිත්‍ර ධර්ම කථික, පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද (29) දහවල් අපවත් වී තිබෙනවා.
උන් වහන්සේ මෙලෙස අපවත් වී ඇත්තේ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරයි. උන් වහන්සේ අපවත් වන විට 62 හැවිරිදි වියේ පසු වුණා.
මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමියන් ද වෙයි.
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය දොම්පේ කල්‍යාණ ධර්මාශ්‍රමයේ තැම්පත් කර තැබීමට නියමිතයි.