කෙන්යාවේ නයිරෝබි අගනගරය ආසන්නයේ පිහිටි ගල්වළක තිබී කාන්තා මළ සිරුරු විශාල ගණනක් සොයා ගෙන තිබුණි.
ඉන් අනතුරුව සිදුකළ විමර්ශනයකින් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව එරට් මාධ්‍ය වාර්තා කර සිටියේය .
අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහු පාපොච්චාරණය කර ඇත්තේ තමා විසින් සිය බිරිඳ ඇතුළු කාන්තාවන් 42ක් ඝාතනය කර සිරුරු එම ස්ථානයට දැමූ බවයි.
කොලින්ස් ජුමයිසි නම් එම 33 හැවිරිදි සැකකරු එම ගල්වළ ආසන්නයේ ජීවත් වූ පුද්ගලයෙකි.
ඔහුගේ නිවසේ තිබී විවිධ සැකකටයුතු භාණ්ඩ සහ ඝාතනයට ලක්වූ කාන්තාවන්ගේ බවට සැලකෙන ජංගම දුරකථනද සොයාගෙන තිබුණි.