මුහුද ගොඩ ගලයි…සුනාමියක් ද? ජනතාව බය වෙයි
මුහුදු ජලය හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව ඇති පුවතක් උතුරෙන් වාර්තා වනවා.
මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන්කාලෙයි ගම්මානයට මුහුදු ජලය ගලා ඒ්ම හේතුවෙන් ගම්මවාසීන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටිති.
ගෙවුනු දින කිහිපය තුලදී ආසන්නයේ පිහිටි මුහුදු සීමාව රලුවීමත් සමග ගම්මානය තුලට මුහුදු ජලය ගලාඒමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් ගම්මානයේ වැසියන් ගැටලු රැසකට මුහුණ පා සිටිති.
මුහුදු ඛාදනයත් සමග ජලය ගලාඒම හේතුවෙන් ගම්මානයේ පිහිටි ජල ළිං මුහුදු ජලයෙන් පිරී පැවතීම, අනෙක් ළි වලද ජලය ලුනු රසයක් පැවතීම, වගවන් හානි වීම මෙන්ම පානීය ජලය ගැටලුවකට මුහුණ පෑමට සිදුව තිබීය යන කරුණු හේතුවෙන් ජනතව පීඩවන්ට පත්ව සිටිති.
පවතින තත්වය හේතුවෙන් මුහුදු ඛාදනය මැඩපවත්වා ගම්මානයට මුහුදු ජලය ගලාඒම වලක්වා දෙන ලෙසට ගම්මාවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතරම කඩිනම් විසඳුමක් නොලැබුනහොත් ගම්මානයට ගංවතුර තත්වයක්ද ඇතිවීමේ අවධානමක් පවතින බවටද ගම්වාසීන් වැඩිදුරටත් පැවසූහ.
