මහ රෑට හිටිහැටියේම ගිනි ගන්න ක්‍රිෂ්ගේ අභිරහස...

Report

කොළඹ පිහිටි උසම ගොඩනැගිල්ල ලෙසින් සැලකෙන 'ක්‍රිෂ්' ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී ගිනිගැනීමට ලක්වීම සම්බන්ධයෙන් ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට මූලික විමර්ශන ආරම්භ කර ඇත.

එහිදී 'ක්‍රිෂ්' ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්විය හැකි කරුණු කිහිපයක් ඔවුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

මඟ බලන් හිටපු සුබ ආරංචිය මෙන්න...

මඟ බලන් හිටපු සුබ ආරංචිය මෙන්න...

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් ගෑස් කටර් (gas cutter) උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම මෙම ගිනිගැනීමට ප්‍රධාන හේතුව බවයි.

ඒ අනුව නැවත එලෙස ගෑස් කටර් උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙස අදාළ අංශවලට ගිනිනිවන දෙපාර්තමේන්තුව විසින් උපදෙස් ලබා දී ඇත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවා තිබේ.

අමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්තිකරන විකාරරූපී වියදමක් ගැන අමෙරිකාවෙන් ලංකාවට දොස්...

අමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්තිකරන විකාරරූපී වියදමක් ගැන අමෙරිකාවෙන් ලංකාවට දොස්...

'ක්‍රිෂ්' ගොඩනැගිල්ලේ 35වන මහල පෙරේදා (6) ගිනිගත් අතර, පසුව ඊයේ (7) 24වන මහලේ ද ගින්නක් ඇතිවිය.

ඒ හේතුවෙන් ගින්න නිවීම සදහා ගිනිනිවන රථ 3 බැගින් රථ 6ක් අවස්ථා දෙකේදීම යොදාගැනීමට ගිනිනිවන දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ අතර 'ක්‍රිෂ්' ගොඩනැගිල්ලේ ආරක්ෂාව මේ වනවිට තරකර ඇති අතර, ඒ සඳහා පොලිස් නිලධාරීන් 20කගෙන් යුත් කණ්ඩායමක් යොදවා ඇති බව වාර්තා වේ.

You may like this video