කද්දී සතෙකුටවත් ගහන්නේ නැතිකොට. - ඒ නොදරුවාට පහරදුන් අමුනුෂ්‍යයා - (VIDEO).

Sri Lanka Police Preschool Children
By Wayomi Jun 04, 2024 09:08 AM GMT
Wayomi

Wayomi

Report
කුසට අහරක් ගන්නා විට සතෙකුටවත් පහර නොදෙන සමාජයක, නමුත් කෑම ගන්නා අවස්ථවේදී පුංචි දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
මේ වන විට ඊට අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් ඒ, සම්බන්ධයෙන් ගගන අප වැලිඔය පොලිස් ස්ථානාධිපතිගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔහු කියා සිටියේ තවමත් සැකකරු සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි. 

UPDATE...................................................................................

මානුෂිය හදවතක සහිත දරුවෙක් හදන්නට නම් අද දවසේ එකී දරුවාව මලක් මේ රැකියා යුතුයි. එනම් ඉතා ආදරයෙන් සහ පරිස්සමින් ඔවුන් පෝෂණය කල යුතුය. නමුත් මේ මොහොතේ සමාජය තුල දැඩි කතා බහක් ඇති කල නරුම වැඩිහිටියෙකු අතින් තැලෙන පුංචි මලක් ගැන වැලිඔය ප්‍රදේශයෙන අපිට වාර්තා වුනා.

පෙනුමෙන්, මේ පුංචි දරුවාගේ වයස අවුරුදු හතරක් හෝ පහක් පමණ වෙනු ඇතැයි අනුමාන කළ හැකි අතර මේ අමානුෂික ප්‍රහාරයේ දර්ශන පෙළහි අවම ශිෂ්ටභාවයක්වත් නැතිව දරුවට අහාර ගැනීමට කත කර එකී බත් කටක්ක් හෝ කවනවා විනා වැරෙන් එල්ල කළ පහරින් දරුවා ඉවතට විසිවන අයුරු ඔබට දැකිය හැකි විය.

එම පුංචි දරුවා අඬ අඬාම නිවසේ කොණකට ගොස් බත් කටක් කන ආකාරය මෙම සංවේදී දර්ශනවල සටහන්ව තිබේ. කුසගින්නට අහර ගන්නවා ඇරෙන්නට පුටුවක් වැඩිවී කෑමක් ගැනීමේ හැකියාවක් ඒ කුඩා දරුවට නැත.

මෙම පහරදීම සිදුකරන පුද්ගලයා දරුවාගේ පියාද යන්න පිළිබඳ තවදුරටත් තහවුරු කරගෙන නොමැති බව පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ පවුල මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවය.

මේ සම්බන්ධව පොලිසිය විසින් පරීක්ෂණ කටයුතු අරඹා කර තිබුනද මෙවන් අමුනුෂික සිදුවීමක් වූ පළමු අවස්තාව මෙය නොවෙයි. වැඩිහිටනගේ පිඩනයට දරුවන් වග කිවයුතු නොවේ. එහෙයින් මෙවෙන් හයක් හතරක් නොතේරෙන පුංචි දරුවෙකුට අමානුෂිකව පහරදෙන මෙවැනි නොමිනිසුන් වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වන තුර ගගන අපි නිරන්තර අවධානයෙනි.

(මෙම වීඩියෝව වයස අවුරුදු 18 අඩු දරුවන් නැරඹීමෙන් වළකින්න.)