අද සිට භාණ්ඩ රැසක මිල ගණන් පහත දමයි..සම්පූර්ණ මිල ලැයිස්තුව මෙන්න
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් අද(25) සිට පහල දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදියි.
ඒ අනුව පහත සඳහන් භාණ්ඩවල මිල අද සිට පහත දමනු ලබයි.
දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස ඇලවිසල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (25) දින සිට ලබාගත හැකියි.
ඒ අනුව කිරිපිටි 400g පැකට්ටුවක පැවති මිල රුපියල් 950ක් වු අතර නව මිල රුපියල් 910ක් වනවා.
මුං ඇට කිලෝවක පැවති මිල රුපියල් 998ක් වූ අතර නව මිල රුපියල් 965ක් වනවා.
හාල්මැස්සන් කිලෝවක පැවති මිල රුපියල් 978 වූ අතර නවමිල රුපියල් 950ක්.
එමෙන්ම, ඉන්දියානු ලොකු ලුණු කිලෝවක පැවති මිල රුපියල් 305ක් වූ අතර නව මිල රුපියල් 285ක් වනවා.
තව ද, කඩල කිලෝවක පැවති මිල රුපියල් 455ක වූ අතර නව මිල රුපියල් 444ක්.
පාන් පිටි කිලෝවක පැවති මිල රුපියල් 190 ක් වූ අතර නව මිල රුපියල් 185ක්.
එමෙන්ම, සුදු සීනි කිලෝවක පැවති මිල රුපියල් 263ක් වූ අතර නව මිල රුපියල් 258ක්.
මේ අතර, සුදු කැකුළු සහල් කිලෝවක පැවති මිල රුපියල් 204 ක් වූ අතර නවමිල රුපියල්199ක් වනවා.
කෙසේ වෙතත්, පාකිස්ථාන ලොකු ලුණු කිලෝවක මිල රුපියල 190ක් වූ අතර නව මිල රුපියල් 185ක් වනවා.