කැරට් වලට නොදෙවෙනි තක්කාලි. - නව මිල ගණන් මෙන්න.

Report

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය දින වල කැරට් වගේම අද වන විට තක්කාලි කිලෝ වක මිලත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් වලට නොදෙවෙනි තක්කාලි. - නව මිල ගණන් මෙන්න. | The Price Of Tomatoes Has Also Increased

පසුගිය මාස කීපයේ පැවැති අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය වගා බිම්වල වගා කරන ලද තක්කාලි අස්වැන්න විනාශ වීම නිසා හරිතාගාරවල වගා කරන ලද එළවළු අස්වැන්න පමණක් මේ දිනවල වෙළෙඳපොළට ලැබෙමින් පවතින බව සඳහන්.

ඊට අමතරව නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 1,350ක් දක්වාද, මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 700ක් දක්වාද, බ්රොකොලි කිලෝවක තොග මිල රුපියල් 4100ක් සහ බැසල් කිලෝවක තොග මිලද රුපියල් 3,100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.    

                                                                         Sponsored By Sarrita Jewellery

කැරට් වලට නොදෙවෙනි තක්කාලි. - නව මිල ගණන් මෙන්න. | The Price Of Tomatoes Has Also Increased