භාණ්ඩ හා සේවා මිල 20% කින් අඩු කළ හැකි බව කාංචන පවසයි...

Report

අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා සිටියේ, විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව ය.

විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

එමෙන් ම, නව විදුලි සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවට බවද අමාත්‍යවරයා පැවසුවේ ය.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා පවසා සිටියේ, මීළඟ විදුලි ගාස්තු සංශෝධනය ඔක්තෝබර් මාසයේ දී සිදු කිරීමට බලාපොරොත්තු වෙන බව ය.