මීට කලින් නම් මෙහෙම කාලා නැතුව ඇති.- අමු මිරිස් කරලක මිල තවත් ඉහළට.

Report

සිල්ලර වෙළෙඳපොළේ අමු මිරිස් කරලක් රුපියල් 15ත් 20ත් අතර මිලක පවතින බව පාරිභෝගිකයන් චෝදනා කරනවා.

ඒ, අනුව අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 1900ත් 2200ත් අතර ඉහළ මිලකට ඊයේ (31) අලෙවි වී තිබෙනවා.

මීට කලින් නම් මෙහෙම කාලා නැතුව ඇති.- අමු මිරිස් කරලක මිල තවත් ඉහළට. | The Price Of A Pod Of Green Chillies Has Gone Up

එමනේම දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවලට සැපයෙන එළවළු තොග ප්‍රමාණය වෙනදාට සාපේක්ෂව 75%කින් පමණ අඩු වූ බව ද තොග වෙළෙන්දන් පවසනවා.

කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ, මේ දිනවල පවතින මහ වැසි හේතුවෙන් එළවළු වගාවන් විනාශ වී අස්වනු 90%කින් පමණ හානියට පත්ව ඇති බවයි.

ඒ අනුව ඊයේ (31) දිවයින පුරා ප්‍රධාන නගරවල සිල්ලර වෙළෙඳපොළේ එළවළු වර්ග කිපයකම කිලෝග්‍රෑමයක් රුපියල් 300 ඉක්මවා අලෙවි වූ අතර බෝංචි රුපියල් 750, ගෝවා රුපියල් 550, කැරට් රුපියල් 900, තක්කාලි රුපියල් 600, බීට් රූට් රුපියල් 800, නෝකෝල් රුපියල් 450, වැටකොළු රුපියල් 350, වම්බටු රුපියල් 650, මාළු මිරිස් රුපියල් 800 සහ දෙහි රුපියල් 450 වශයෙන් අලෙවි වී තිබෙනවා.

මීට කලින් නම් මෙහෙම කාලා නැතුව ඇති.- අමු මිරිස් කරලක මිල තවත් ඉහළට. | The Price Of A Pod Of Green Chillies Has Gone Up

මේ අතර ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 130ක්වූ අතර ආනයනික රතුලූනු කිලෝවක තොග මිල රුපියල් 450ක් සහ ලංකා රතු ලූනු කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 400ක් විය.