කිරි තේ එකක රස බලන්න කැමති අයටයි මේ දෙය..

Report

රජය විසින් ආනයනික කිරිපිටි මිල පහත දැමීමට කටයුතු කර තිබෙනවා.

කිරි තේ එකක රස බලන්න කැමති අයටයි මේ දෙය.. | The Price Of A Milk Tea

එයට සමගාමීව කිරි තේ එකක මිල ද පහත දැමීමට කටයුතු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා කියා සිටියේ මිල අඩු වූ කිරිපිටි වෙළඳ පොළ වෙත පැමිණීමෙන් අනතුරුව අදාළ මිල සංශෝධනය සිදු කරන බව ය. 

ඒ අනුව මේ වන විට රුපියල් 100ක අගයකට පවතින කිරි තේ එකක මිල රුපියල් 90ක් දක්වා පහත වැටෙනු ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පිටකොටුව ආශ්‍රිතව අලෙවි කරන කිරිපිටි නොවන ටින්කිරි යොදාගෙන ලබා දෙන කිරි තේ එකක මිල ද මේ වනවිටත් රුපියල් 60ත් 80ත් අතර මුදලකට අලෙවි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ ය.