ජනාධිපති කසකස්ථාන ජනපති හමු වෙයි.

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති Jomart Tokayev අතර හමුවක් සිදුව තිබෙනවා.

බර්ලීන් ග්ලෝබල්’ සමුළුවට සමගාමීව එම හමුව පැවති බව සඳහන් වෙනවා.

එහිදී දෙරටේ ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

කසකස්ථාන ජනාධිපතිවරයා මෙහිදී වෙළෙඳ හා ආයෝජන සබඳතාවල පවතින විභවයන් හඳුනාගැනීම සඳහා රාජ්‍ය මට්ටමින් ඵලදායී පියවර ගැනීමේ අවශ්‍යතාව පිලිබඳ අවධාරණය කර තිබෙනවා.

කසකස්තාන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වීසා අවශ්‍යතා ලිහිල් කිරීම සහ දෙරට අතර සෘජු නිත්‍ය ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳවයි.

සාකච්ඡාවේ දී 2024 වසරේ පැවැත්වීමට නියමිත ඇස්ථානා ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ලෙස කසකස්ථාන ජනාධිපති Jomart Tokayev ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනයක්ද සිදු කර තිබෙනවා.