ජනපති ජර්මනියේ නිල සංචාරයක.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා බර්ලින් ගෝලීය සංවාද සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (25) පැවතී මාධ්‍ය හමුවේදී දේශගුණ විපර්යාස පිලිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් ගුණවර්ධන ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරයෙන් රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වූ බවයි.
ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් ගුණවර්ධන සඳහන් කළේ ලෝක බැංකු සභාපති අජය භංගා සමඟ ජනාධිපතිවරයා පැවැත්වූ හමුවේදී දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ වැඩසටහන් මෙන්ම සංවර්ධන වැඩසටහන් වලටද ඉදිරියේදී ආධාර ලබා දෙන බවට ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කල බවයි.