ලොවක් කම්පා කළ තුර්කියේ භූමිකම්පාව ගැන පර්යේෂකයෙක් පලකළ අනාවැකිය.

By Wayomi Feb 07, 2023 05:24 AM GMT
Report

භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම සිදුකළ නොහැකි බවට විද්‍යාඥයින් පවසනවා.

නුමුත් එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය පසෙකලා නෙදර්ලන්ත ජාතික පර්යේෂකයෙකු වන Frank Hoogerbeets මිට දින කිහිපයකට පෙර එනම් පසුගිය පෙබරවාරි මස 03 වෙනිදා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ අනාවැකියක් පළකර තිබුණා.

ඒ, ඊයේ අලුයම තුර්කියේ සිදුවූ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භුමිකම්පාව සම්බන්ධවයි.

" ඉක්මනින් හෝ පසුව මෙම කලාපයේ (දකුණු-මධ්‍යම තුර්කිය, ජෝර්දානය, සිරියාව, ලෙබනනය) ~M 7.5 ක භූමිකම්පාවක් සිදුවනු ඇත,” ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

නෙදර්ලන්ත ජාතික පර්යේෂක Frank Hoogerbeets විසින් පළකර තිබු අනාවැකිය මේ වන විට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්වී තිබෙන අතර ඒ ඔහු තුර්කියේ සිදුවූ භූමිකම්පාවට දින 03කට පෙර ඒ ගැන නිවැරදිව සටහන් කර තිබීම හේතුවෙන්.

Frank Hoogerbeets ඉන් පසුව නැවත වරක් ට්විටර් සටහනක් තබමින් කියා ඇත්තේ තුර්කිය ඇතුළු එම කලාපය තුල ප්‍රබල පසුකම්පන සිදුවීමේ හැකියාවක් පවතින බවයි.

එම අනාවැකි දෙක පහලින්,    




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW