රජයේ රැකියාවක් හොයමින් හිටිය ඔයාට හොද අවස්ථාවක්..අයදුම් කරන්නේ මෙහෙමයි..

Report

2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

මන්නාරමේ අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන යළි කැබිනට් අවදානය.. නීතිපති අධිකරණයට දැනුම්දේ..

මන්නාරමේ අදානි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ගැන යළි කැබිනට් අවදානය.. නීතිපති අධිකරණයට දැනුම්දේ..

ඒ සඳහා සුදුසුකම්ලත් තැනැත්තන් අදාළ අයදුම්පත්‍ර පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ක්ෂණික සබැඳි යටතේ "අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම" නමින් පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතුය.

එලෙස නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2024 ඔක්තෝබර් මස 28 වනදා හෝ ඊට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

සිහින නගරයේ අලුත්ම තරු හෝටලය 'සිනමන් ලයිෆ්' හෙට විවෘතවෙයි..(PHOTOS)

සිහින නගරයේ අලුත්ම තරු හෝටලය 'සිනමන් ලයිෆ්' හෙට විවෘතවෙයි..(PHOTOS)

එමෙන්ම ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් "අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීම" යනුවෙන් සඳහන් කළ යුතුය. මේ සඳහා වන පුවත්පත් දැන්වීම ඊයේ සහ අද (14 ) ජාතික පුවත්පත්වල පළකර ඇති බවද එම නිවේදනයේ සඳහන වේ.