මෙරට පනත් අවභාවිතා කරන පොලිසියේ ප්‍රසිද්ධ රහසක් ගැන නීතිඥවරයෙකුගෙන් අනාවරණයක්. (VIDEO)

Sri Lanka Police Sri Lanka Saliya Pieris
By Wayomi Mar 24, 2023 08:30 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණ නඩු විභාගවලදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, ඊයේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ එල්ල කළ චෝදනාවකටයි.

අදාල චෝදනාව වන්නේ, අරගලය කරපු කණ්ඩායම් රැකීම සහ "හරක් කටා " නමැති මත්ද්‍රව්‍ය ජාවාරමේ කප්පිත්තා වෙනුවෙන්පෙනී සිටීමයි.

කෙසේ වෙතත් ඊයේ (23) කොළඹ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේ, නව පොලිස්පති ධුරයට දූෂණ චෝදනා නොමැති නිකැළැල් පුද්ගලයෙක් පත් කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටි බැවින් මෙවැනි චෝදනා එල්ල වන බවයි.

එහිදී මෙරට පනත් අවභාවිතය ගැන අවධාරණය කළ ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මුලින්ම ඉන්නේ ශ්‍රී ලංකා පොලිසිය බවයි.

ඊට උදාහරණයක් ලෙස පසුගිය දිනක අධිකරණ ඇමති තුමා සිදු කළ ප්‍රකාශයක් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, පොලිසිය විසින් මත්ද්‍රව්‍ය නඩු හදලා නිකරුණේ වරදකරුවන් බිහි කරන බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පොලිස් නිලධාරියෙක්ට, SI කෙනෙක්ට, ඉන්ස්පෙක්ටර් වරයෙක්ට, SP කෙනෙක්ට, DIG කෙනෙක්ට, සීනියර් DIG කෙනෙක්ට, හෝ පොලිස්පතිට කිසිදු පුද්ගලයෙකුගේ ජීවිතය ගැන තීරණය කිරීමට අයිතියක් නොමැති බවයි.

මේ අතර අපරාධකරුවකු වේවා ඉහළ නිලධාරියකු වේවා මහජනතාව වේවා ඕනෑම අයෙකුට අධිකරණයේදී තම ගැටලු විසඳීමට නීතිඥයින්ගේ සහාය අවශ්‍ය වන අතර එවැනි අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් කටයුතු කරන්නේ එම හේතූන් මත බවත් ඔහු පෙන්වා දෙනවා.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW