ශ්වසන ආබාධයකට රෝහලට ඇතුලත් කළ සැරයන් මරුට.
Sri Lanka Police
COVID-19
Death
By Wayomi
හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල පොලිස් සැරයන්වරයෙකු අද (02) අළුයම මියගොස් තිබෙනවා.
ඔහු ඉරට්ට පෙරිය කුලම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි අංක 20 , යාය හතර , සියබලංගමුව, ගල්ගමුව ලිපිනයේ පදිංචි, පො.සැ. ජේ.කේ.ඩී. ධර්මතිලක (51828) නැමති අයෙක්.
මෙලෙස මියගිය සැරයන්වරයා ඊයේ (01) රාත්‍රී 8.35ට අනුරාධපුර ශික්ෂණ රෝහලට කර ප්‍රතිකාර ලබමින් සිටියදී අද (02) පාන්දර12.10ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.
කෙසේ වෙතත් එම මරණයට හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
