තෙල් බටය මාරු වෙලා ගහලා වෙච්ච දෙයක්. - බලශක්ති ඇමතිවත් තාම දන්නේ නෑලු.
තෙල් සංස්ථාවේ ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර අද (14) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
ඒ,තෙල් සංස්ථාවේ ජෙට්.කේ.වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් බවයි ඔහු පේනවා දෙන්නේ.
ත්‍රිවිධ හමුදාවේ - පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට මෙන්න ජනපතිගෙන් සුබ ආරංචියක්.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සෙවීමට ගොස් එහි විදුලි පද්ධතියටද හානි සිදුවී ඇති බවත් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර වැඩිදුරටත් පේනවා දෙනවා.
"තෙල් සංස්ථාවේ ජෙට් කේ වන් ඉන්ධනවලට වැරදි බටයක් ගහලා ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගිහිල්ලා තියෙනවා කියලා අපිට ආරංචියි.ඒ ගැන හොයන්න ගිහිල්ලා විදුලි පද්ධතියටත් හානි වෙලා තියෙනවා. ඒක වැරදි විදිහට පාවිච්චි කරලා තියෙන කාරණයක් තියෙන්නේ. දිගින් දිගටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා."
මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකරගේ මෙම අනාවරණයත් සමඟ විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ, "එතුමා කියන දේ මම දැනගෙන හිටියේ නෑ. මම දැනුවත් කරලා නෑ. සොයලා බලලා කරුණු වාර්තා කරන්නම්." යනුවෙනි.
...........................................................
May you Like