අමානුෂික ලෙස කුඩා දරුවාට පහරදීමේ සිදු වීමට අදාල පුද්ගලයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට. - (VIDEO)

Report

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද නමැති පුද්ගලයා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා සහ පහරදීමට ආධාර අනුබල දීමේ චෝදනා මත තවත් කාන්තාවන් දෙදෙනෙකු ද අද (05) අලුයම පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙක් සහ 37 සහ 46 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් වන අතර ඔවුන් වැලිඔය කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙනවා.

පහරකෑමට ලක් වූ අවුරුදු 4 1/2 ක දරුවා ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු මේ වන විට මේ වනවිට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් භාරයට ගත් දරුවා ව මේ වනවිට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

කද්දී සතෙකුටවත් ගහන්නේ නැතිකොට. - ඒ නොදරුවාට පහරදුන් අමුනුෂ්‍යයා - (VIDEO).

කද්දී සතෙකුටවත් ගහන්නේ නැතිකොට. - ඒ නොදරුවාට පහරදුන් අමුනුෂ්‍යයා - (VIDEO).