අත්තනෝමතිකව කෙටුම්පත් සකස් කරමින් විවෘත විශ්වවිද්‍යාලයට රජය කරන්න යන දේ.

Dr Wijeyadasa Rajapakshe Open University of Sri Lanka Government Of Sri Lanka
By Wayomi Apr 03, 2023 04:06 AM GMT
Wayomi

Wayomi

Report

විවෘත විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉවත් කර වෙනම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙසින් පවත්වා ගෙන යාමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.

ඊට අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවයි එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අබ්දුල්ලා මොහොමඩ් රිෆාක් පවසන්නේ.

ඔහු චෝදනා කරන්නේ, උසස් අධ්‍යාපන ඇමතිවරයා හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් තොරව ඊට කිසිදු අදාළත්වයක් නොමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර දෙනෙකු යොදා කමිටුවක් පත් කර මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බවයි.

කෙසේ වෙතත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් පිළිබඳව මේ ආකාරයට බාහිර පාර්ශ්වයන්ට මැදිහත්විය නොහැකි බවත්, මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ශිෂ්‍යයන්ගේ විරෝධය පළ වී තිබෙන බවත් රිෆාක් පවසනවා.

මේ අතර, විවෘත විශ්වවිද්‍යාලයේ ගාස්තු සියයට 55කින් ඉහළ දමා තිබීම තුළ සිසුන් දැඩි අපහසුතාවට ලක්ව ඇති අතර ඒ හේතුවෙන්, විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 34,000න් සියයට 40ක් සිය පාඨමාලා අතහැර යන තත්ත්වයට පත්වී සිටින බව ද එහි සභාපතිවරයා ප්‍රකාශ කරනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW