මීළඟ පාප් වහන්සේ තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය ඇරඹේ
Pope Francis
World
Latest Headlines
Sinhala news
By Mithu
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු නව පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා ලොව පුරා කාදිනල්වරු 130 කට වැඩි පිරිසක් වතිකානුව වෙත රැස්ව සිටිනවා.
ඒ අනුව, නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා අද (07) රෝම වේලාවෙන් පස්වරු 5.30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00) එම කාදිනල්වරුන් වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයේ දී conclave නම් අවස්ථාව ආරම්භ කිරීමට නියමිතයි.
මෙහිදී නව පාප්වරයෙකු තේරී පත් වන තුරු කාදිනල්වරුන් බාහිර ලෝකය සමඟ කිසිදු සන්නිවේදනයක් සිදු නොකරන අතර, දේවස්ථානයේ දුම් කවුළුවෙන් කළු පැහැති දුමාරයක් පිට වුවහොත් නැවත ඡන්ද විමසීමක් සිදුවනු ඇති බව ද, සුදු පැහැති දුමාරයක් පිට වුවහොත් නව පාප්වරයෙකු පත් වී සිටින බව ද දැක්වෙනවා.
