මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1500ත් ඉක්මවයි...

Report

ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇති බව එම කොමිසම පවසනවා.

පසුගිය ජූලි 31 වැනිදා සිට ඊයේ අගෝස්තු (30) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592 දක්වා ඉහළ ගොස් ඇති බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත.

කඩුවෙල, හෝමාගම මාර්ගයේ ගමන් කරන ඔබට විශේෂ දැනුම්දීමක්...

කඩුවෙල, හෝමාගම මාර්ගයේ ගමන් කරන ඔබට විශේෂ දැනුම්දීමක්...

මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය ඉහළ වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1526කි.

එමෙන් ම, මැතිවරණ කොමිසම එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 08ක් සහ වෙනත් පැමිණිලි 58ක් ද වාර්තා වී ඇති බවයි.