ඩෙංගු අධි අවදානම් කලාප ගණන ඉහළට...
ඩෙංගු පැතිරයාමේ අධි අවදානම් කලාප ගණන විසි එක දක්වා වැඩි වී ඇති අතර, එමෙන්ම පසුගිය දින 15 ඇතුළත දී ඩෙංගු රෝගීන් දෙදහස් දෙසිය හැත්තෑදෙනකු හඳුනාගෙන ඇති අතර, ඒ ආශ්‍රිත පුද්ගල මරණ සංඛ්‍යාව ද 12 දක්වා ඉහළ ගිය බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ය.
ඩෙංගු පැතිරයාමේ අධි අවදානම කලාප බහුතරයක් වාර්තාවී ඇත්තේ බස්නාහිර සහ උතුරු පළාත් වලින් ය.
තවද පසුගිය දින 15දී ඩෙංගු ආශ්‍රිත පුද්ගල මරණ දෙකක් සහ ඩෙංගු පැතිරයාමේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස හයක් වාර්තා වූ බව ද එම ඒකකය සඳහන් කළේය.
එලෙස වාර්තා වූ පුද්ගල මරණවලින් 11ක් කාන්තාවන්ගේ වන අතර අනෙක් පුද්ගලයා පිරිමියෙකි.
වයස අවුරුදු 04 ට අඩු දරුවකුගේ මරණයක් මෙන්ම අවුරුදු 15ත් - 45ත් අතර වයසේ පසුවූ පුද්ගලයන්ගේ මරණ 08ක් ද ඒ අතර වෙයි.
හඳුනාගත් රෝගීන්ගෙන් 11916 දෙනකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, උතුරු පළාතෙන් රෝගීන් 4555 දෙනකු සහ සබරගමුව පළාතෙන් රෝගීන් 3130 දෙනකු ද හඳුනාගෙන තිබේ.
මේ අතර ඩෙංගු රෝගය පැතිරයාමේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් 11ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 05ක්, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවලින් දෙක බැගින් සහ මහනුවර දිස්ත්‍රික්කයෙක් එකක් ද හඳුනාගෙන ඇත.
