දැවැන්ත සටනකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා පත්වෙයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පත් වී තිබෙනවා.
ඒ,අද(21) අදාළ තනතුර සඳහා පැවති රහස් ඡන්දයෙන් අනතුරුවයි. එම රහස් ඡන්දය ත්‍රිකුණාමලයේ දී පැවති අතර පක්ෂ නියෝජිතයින් 340 දෙනෙකු රහස් ඡන්දය භාවිතා කිරීමටයි නියමිතව තිබුණේ.
එම තනතුර සඳහා තරග කළ සෙසු සාමාජිකයන් වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්, සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සින්නතම්බි යෝගේෂ්වරන්ය.
ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුවයි මෙලෙස නව නායකයෙකු තෝරා පත් කර ගැනීමට තීරණය කළේ.
Sponsored By Sarrita Jewellery