ලබන 11 වැනිදා සිට සිදුවන අළුත් වෙනස.
ලබන 11 වැනිදා සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසුවේ තාක්ෂණ අමාත්‍යංශය එම වැඩපිළිවෙල සැලසුම් කර ඇති බවයි.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගිය දා (05) පැවති “DIGIECON 2030” වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සකස් කර තිබෙන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බවයි.
ජාත්‍යන්තරයේ තරඟකාරී ආර්ථික රටාවට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික සැලැස්ම මඟින් හැකි වන බව ද ඔහු පෙන්වා දෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේ ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බවයි.
වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීම මඟින් ඩිජිටල් ආර්ථික සැලැස්ම සමාජගත කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
