වසර 20කට පසු ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර සිදු වන නව සංශෝදනය.

Nimal Siripala De Silva Sri Lanka Israel
By Wayomi Apr 18, 2023 11:02 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර දැනට පවතින ගුවන් ප්‍රවාහන ගිවිසුම වසර විස්සකට පසුව සංශෝධනය කිරීමට සන්ධාන පත්‍රයට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළා.

ඒ අනුව ඊට අදාළ සන්ධාන පත්‍රයට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට බලය පැවරෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට 2003 වසරේදී අත්සන් තබා ඇති අතර, එකී ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 2016 වසරේදී දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW