දින විසි එකක් පුරාවට අතුරුදහන්ව සිටි සිසුවා සහ සිසුවියන් තිදෙනා සොයා ගැනේ..

Report

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට්වෙස්ටර්න් වතුයායේ ලුසා කොටසේ ඉකුත් මස (14) දින සිට අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ නවාතැන්පොලක සිටියදි ඊයේ (04) පොලිස් භාරයට ගෙන තිබේ .

මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවා ගාල්ල මිටියාගොඩ ප්‍රදේශයේ කුරුදු සකස් කරන කර්මාන්තශාලාවක රැකියාවකට ගොස් ඇති බවත්, ඔවුන් අවු 14 සහ 16 වයස් කාණ්ඩවල පසුවන ළමුන් නිසා ඔවුන්ව කර්මාන්තශාලාවේ පාලන අධිකාරිය විසින් රැකියාවකට බඳවාගෙන නොමැති බවත් පොලිසිය සඳහන් කළේය .

ගජ මුතු විකුණන්න ගිය හතරක් මාට්ටු ..ගුරුවරියකුත් ඒ අතර..

ගජ මුතු විකුණන්න ගිය හතරක් මාට්ටු ..ගුරුවරියකුත් ඒ අතර..

අතුරුදහන්ව සිටි එම සිවුදෙනාගෙන් එක් ඥාතියෙකු එම කුරුඳු කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිට ඇති බවත්, ඔහු සොයාගෙන ඔවුන් මෙම කුරුඳු කර්මාන්ත ශාලාවේ රැකියාවට ගොස් ඇත.කෙසේවෙතත් රැකියාව නොලැබුණු නිසා එම සිසුන් පිරිස එම කර්මාන්තශාලාවට අයත් නේවාසිකාගාරයක මාසයකට ආසන්න කාලයක් රැඳී සිට ඇත .

ඔවුන් සන්තකයේ තිබූ දුරකථන අංකයක් ඔස්සේ විමර්ෂණයක් සිදු කර ඔවුන් සැඟව සිටින ස්ථානය හදුනාගෙන තලවකැලේ පොලිසියේ නිලධාරින් පිරිසක් ගාල්ල ප්‍රදේශයට ගොස් මෙම සිව්දෙනා සොයා ගත් බව සඳහන් වේ.

හොඳම මිතුරාගේ දෙහැවිරිදි දියණිය කෙලෙසූ දෙදරු පාපමිත්‍රයා..

හොඳම මිතුරාගේ දෙහැවිරිදි දියණිය කෙලෙසූ දෙදරු පාපමිත්‍රයා..

එම සිසුන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද තලවකැලේ පොලිසිය ප්‍රකාශ කර තිබේ .

මෙම සිසුවියන් තිදෙනා සහ සිසුවාගේ නිවසේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් රැකියාවක් සොයාගෙන නිවසින් පැන ගොස් ඇති බව එම වතුයායේ පදිංචිකරුවන් පවසාවසා තිබේ .