අධ්‍යාපන අමාත්‍යාංශය සරසවි අනධ්‍යයන සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි...

Ministry of Education Sri Lanka Strike Sri Lanka Education
By Parami Dissanayake May 28, 2024 12:09 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ වන විට සිදු කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් ඉවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. 

සුපිරි වෙළඳසැල්වල සහ තොග වෙළඳසැල්වල සහල් හිඟයක්...

සුපිරි වෙළඳසැල්වල සහ තොග වෙළඳසැල්වල සහල් හිඟයක්...

 ඒ අනුව, නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් ඉවත්ව අනධ්‍යයන සේවකයින්ට සේවය සඳහා වාර්තා කරන ලෙසයි.

එම අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන පරිදි , අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණයක් පරිදි ඔවුන්ගේ ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙනු ඇති බව ය.

ජාතික ජන බලවේගයෙන් පෙත්සමක්...

ජාතික ජන බලවේගයෙන් පෙත්සමක්...

එහිදී, 2018 සිට පැවති අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව සම්බන්ධයෙන් වූ ගැටලු‍ව පිළිබඳව මෙන්ම ඒ හා සම්බන්ධ වූ වෙනත් වැටුප් විෂමතා පිළිබඳව ඇති ගැටලු‍ පිළිබඳව විමර්ශනය කර මීළඟ අයවැයට පෙර අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර නිර්දේශ ලබා ගැනීමට තීරණය කර ඇති බව එම අදාළ නිවේදනයේ දැක්වේ.

ReeCha