අත් ඔරලෝසුවක් නිසා කෙලවර වුණු ජීවිතය.

By Madheeha_Naz May 16, 2023 08:17 AM GMT
Report

තම දරුවාගේ අත් ඔරලෝසු පලහිලව්වකට මැදිහත් වුණු පියෙකු ව පුද්ගලයන් තිදෙනෙකු විසින් පිහි ප්‍රහාර එල්ල කරමින් ඝාතනය කර තිබෙනවා.

මෙම සිද්ධියට හේතුව ලෝක ළමා දිනයේදී එම දරුවා විසින් පුද්ගලයෙකුගේ අත් ඔරලෝසුවක් ආපසු ලබාදෙන පදනම යටතේ ලබාගෙන ඇති අතර එම ඔරලෝසුව අස්ථානගත වීම හේතුවෙන් මෙම ආරවුල හටගෙන තිබෙනවා.

පසුව එම අත් ඔරලෝසු හිමියා සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා අතර බහින් බස් වීමක් ඇති වී අතර එය දුරදිග යාමෙන් මෙම පහර දීම සිදු වී තිබෙනවා.

මෙම පිහි ප්‍රහාර එල්ල කළ පුද්ගලයා කමාන්ඩෝ කබ්බෝ යන නමින් හදුන්වන යුධ හමුදා සෙබලෙකු වන අතර එම ප්‍රහාරය සඳහා අනුබල දුන් සෙසු පුද්ගලයන් දෙදෙනා  බඹරා සහ ඇරියස් යන අන්වර්ථ නාම වලින් හඳුන්වන අය වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඇතුළු සෙසු සැකකරුවන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW