ඩයනා සහ හැරී ගැන අළුතෙන්ම ආ දුක්බර කතාව.

Report

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු කියන්නෙම පුවත් මවන්නෙක්.

ඔහු කාලයක් සිය කෙළිලොල් බව නිසා ලෝකයාට මාතෘකාවක් වුනා. ඊට පස්සේ විවාහය නිසා. ඊට පස්සේ රජ පවුලෙන් වෙන්වීම නිසා.

මේ වගේ කතා ගොඩකට සම්බන්ධ හැරී ගැන අලුත්ම කතාවක් මේ දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒක ටිකක් දුක්බර කතාවක්.

විදෙස් මාධ්‍ය පවසන විදිහට හැරී කුමරු උපත ලබපු වෙලාවේ ඩයනා කුමරිය සතුටු වුනත් චාල්ස් කුමරු (දැන් බ්‍රිතාන්‍යයේ 03 වන චාල්ස් රජු) කණගාටු වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඒකට හේතුව වෙලා තියෙන්නේ ඒ වනවිටත් පුතෙකුගේ (විලියම් කුමරු) මව්පියන් වී සිටි ඔවුන්ට දෙවන වරටත් පුතෙකු ලැබීම හේතුවෙන්.

ඒක නිසා ඩයනා කුමරියට දෙවන වරටත් ගැබ් ගෙන සිටින වෙලාවේ ඔවුන් අපේක්ෂාවෙන් සිටින්නේ පුතෙකු බව දැනගත් චාල්ස් කණගාටු වූ බව මේවනවිට ලොව පුරා ප්‍රචාරය වෙමින් තිබෙනවා.

මේකට හේතු පාදක වෙලා තියෙන්නේ ඩයනා කුමරිය විසින්ම 1990 ගණන් වලදී ඇගේ සමීපතම මිතුරෙකු වූ ජේම්ස් කෝල්තර්ස්ට ඇගේ චරිතාපදානය සඳහා ලබා දුන් තොරතුරු ඇතුළත් හඬ පටයකින් සිදුවූ අනාවරණයක්.